Google Transliterate සිංහලෙන්

මෙතෙක් කල් ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් ලියූ මට සිංහලෙනුත් එකක් ලියල බලන්න ආසාවක් අවා. මන්ද කියතොත් මගී බ්ලොග් කියවන්නන් සේරම වගේ සිංහල කියවන්න හොඳට දන්නා අය වීමය 🙂

Google transliterate සිංහලෙන් තිබෙන බව දැනගෙන සිටියත් එය භාවිත කර නොතිබූ නිසා උත්සහ කරලා බලන්න හිතුනා. වැඩේ නරකමත් නැහැ. තවමත් Beta තත්වයේ තියන නිසා තව පොඩි පොඩි දේවල් හදාගන්න තියනවා. තවම මෙය භාවිත කරන්න පුළුවන් එකම විධිය වෙබ් ලිපිනයට ගොස් පමණි. නමුත් කාලයත් සමග Gmail සහ අනෙකුත් Google සේවා වලට මෙය එකතු වේවි. සිංහලෙන් බ්ලොග් ලියන අය  සිංහලෙන් වැඩ කරන්න කැමති අයට නම් මේක ගොඩක්ම උදව් වේවි. මම කලින් දැකල තිබුන සිංහල ලිවීමේ උපකාරක වලට වඩා මේක සාර්ථක වෙයි කියල හිතනවා. උත්සහ කරලා නැත්නම් ඔබත් අදම මෙම ලිපිනයට ගොස් බලන්න. කරන්න තියන එකම දේ නම් තමන්ට නිවැරදි යයි හිතෙන විදියට ඉංග්‍රීසි අකුරු type කරගෙන යාමයි, වචනයක් type කර අවසානයේදී space bar එක press කරන්න. ඔබ ලියු දේවල් සිංහලට හැරිලාතිබේවි.

3 thoughts on “Google Transliterate සිංහලෙන්

  1. ඔව් මේක කලිං තිබුණු මෙවලම් වලට වඩා සාර්ථක වෙයි. නමත් ගූගල් නෙ. කට්ටිය අතරෙ ප්‍රචලිත වෙන්න තියන අවස්ථාව වැඩියි.පොඩි නිවැරදි කිරීමක්. මේක Translate නෙමෙයි Transliterate වෙන්න ඕනෙ නේද? 🙂

    Like

  2. ඔබේ අදහසට ස්තුතියි. වරද නිවැරදි කරන ලදී…. 🙂

    Like

  3. සිංහල අකුරැ ටයිප් කිරීෙම් දී මං මුහුණ ෙදන ගැටලුවක් තිෙයනවා. ර අකුර සමග අැද පිල්ල ෙයදීෙම් දී එය රැ ෙලස ටයිප් වන්ෙන්ත් , ෙකාම්බුවට පසුව එය ෙම් අයුරින් විකෘති වී පළෙවන්ෙන්ත් අැයි…?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s